iranama
සෙනසුරුට බය ඔබටයි මේ...
නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් බියට තැති ගැනීමට පත්වෙන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා නෛසර්ගික පාපී ග්‍රහයකු ලෙස හැඳින් වුවද හැමවිටම ජන්මියා ස්වර්ගය හෙවත් වාසනාව කරා ගෙනයනු ලබන ග්‍රහයා බව බොහෝ අය නොදනිති.
එම නොදැනුවත්කම නිසාම ශනි ග්‍රහයා පිළිබඳ ඇති කරගෙන තිබෙන අනිසි බිය නිසා සෙනසුරුගේ අපලය කියූ සැනින් පන්සලක් අහලකින්වත් නොයන අය පන්සල් ගොස් බෝධිපූජා පැවැත්වීමටත් විවිධ ශාන්ති කර්මවල නියෑළීමටත් උනන්දුවේ.
පෙර ආත්ම භාවයන්හි කරන ලද කුසල් අකුසල් මත යම්කිසි න්‍යායකට අනුව ඒ ඒ කාලවකවානුවලදී යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ශනි ග්‍රහයා විසින් ජන්මීන් වෙත උදාකරන අතර යම් කේන්ද්‍රයක ශනි බලවත්ව පිහිටි කල ධනය බලය, කීර්තිය, ආදී සියලු ජයග්රහන ලැබීමට හේතු ඇතිවේ. 3, 06, 11, යන භාවයක ශනි උච්ච වී සිටිනම් අදාළ ජන්මියා රැකියාවෙන්, බලයෙන්, කීර්තියෙන්, ධනයෙන් ඉතා උසස් තත්ත්වයට පත්වනු ඇත. ජන්ම පතක ශනි ස්වක්ක්ෂේත්රව සිටී නම් සචි නම් රාජ යෝගයේ උදාවෙයි.
එකී සෙනසුරුම අයහපත් ලෙස කේන්ද්‍රයක පිහිටි කල අදාළ ජන්මියා නොමරා මරා දැමීමට තරම් ප්‍රබල ශක්තිවන්තයකු වේ. පාපීන්ට දඬුවම් ලබාදීම හෙවත් සෙනසුරු ඒරාෂ්ටකය උදාකරමින් අදාළ ජන්මියාගේ සියලු කටයුතු අඩුකර ප්‍රමාදයට ලක් කරයි. පසුතැවිමට මෙන්ම මානසික ආතතියට ලක් කරයි. මතක ශක්තිය හීන කර මුරණ්ඩු ගතිය ඉස්මතු කර හදිසි අනතුරු ආදියෙන් පීඩාවට ලක්කර මිනිසුන් නොමරා මරණ තත්ත්වයට පත් කරනු ඇත.
මෙවැනි අවස්ථාවලට ගොදුරු වීමට ප්‍රථම ඒ පිළිබඳ ජ්‍යෙdතිෂ උපදෙස් ලබා ඒ අනුව කටයුතු කිරීමෙන් ඇතිවීමට නියමිත බොහෝ අයහපත් ප්‍රතිඵල අවම කර ගෙන සතුටින් ජීවිතයට මුහුණදීමේ හැකියාව උදාකරගත හැකි අතර එදිනෙදා ඒ සඳහා ඉටු කළ හැකි සරල පිළිවෙත් මේ ආකාරයෙන් දැක්විය හැක.
ෆ සෙනසුරාදා දිනවල ශනි හෝරාව තුළ එනම් උදේ 6-7 අතර නිල්මල්, ගිතෙල් පහන් බෝධියට පූජා කර බෝධි පූජා පවත්වන්න.
ෆ කරන ලද සෑම කුසල් වඩන ක්‍රියාවකින් පසු එම කුසලය විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න.
ෆ නිවසේ බස්නාහිර දිශාවේ සකස් කර ගත් ස්ථානයක තබා කපුටන්ට වෙනත් පක්ෂීන්ට ආහාර සමඟ බීමට නෑමට ජලය ලබා දෙන්න.
ෆ ශනි දින ඔබද නිර්මාංශ වී අසරණ අයට නිර්මාංශ ආහාර ලබා දෙන්න.
ෆ නුග වෘක්ෂයක් පැන්වලින් නහවා සාත්තු කරන්න.
මෙවැනි වතාවත් පුරුද්දක් වශයෙන් ඉටු කිරීමේ බොහෝ අපල මග හැරී තම තමන් බලාපොරොත්තු වූ සහනය ළඟාකර ගනිමින් සතුටින් සහනයෙන් දිවිගෙවීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත.
වැඩිදුර විස්තර සඳහා 072-3559768 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී- රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks